හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

දේශබන්දු ඇතුළු තිදෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුක සිල්වා යන මහත්වරු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්…

By Site Administrator1 මිනිත්තු කියවීම
දේශබන්දු ඇතුළු තිදෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුක සිල්වා යන මහත්වරු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව මෙම තීන්දුව ලබා දී තිබේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න