හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව යළි විභාගයට

2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණය හ…

By Site Administrator1 මිනිත්තු කියවීම
රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව යළි විභාගයට

2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකළ අතර, අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විමසන ලදී.

වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න