හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

යෝෂිත රාජපක්ෂ නඩුවේ සාක්ෂිකරුවෙකුට එරෙහිව නීතිමය පියවර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවත්වාගෙන යනු ලබන මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන දේපළ වෙළෙඳ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන චෝදනා…

By Site Administrator1 මිනිත්තු කියවීම
යෝෂිත රාජපක්ෂ නඩුවේ සාක්ෂිකරුවෙකුට එරෙහිව නීතිමය පියවර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවත්වාගෙන යනු ලබන මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන දේපළ වෙළෙඳ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී පාලිත ගමගේ නමැති මෙම සාක්ෂිකරු අසත්‍ය හා පරස්පර විරෝධී සාක්ෂි ලබාදී ඇති බව සඳහන් විය.

2016 වසරේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ ලබාදී තිබූ ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනි වන ආකාරයෙන් ඔහු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හරස් ප්‍රශ්න කිරීමේදී පෙන්වා දුන්නේය.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් රත්මලාන ප්‍රදේශයෙන් මිලදී ගත් බව කියන ඉඩමකට අදාළ ඔප්පු මෙම සාක්ෂිකරු සතුව තිබී පසුව සොයාගෙන තිබිණි.

මෙලෙස අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම මගින් නඩුවේ අනෙකුත් සාක්ෂිකරුවන්ටද යම් බලපෑමක් සිදුවිය හැකි බව පැමිණිලි පාර්ශ්වය අවධාරණය කළේය.

අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන පාලිත ගමගේ නමැති සාක්ෂිකරු රුපියල් මිලියන 2ක ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළ අතර, නඩුව විභාග වන සෑම දිනයකම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැඩි ලෙස අවවාද කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය. නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 02 වැනිදාට කල් තැබිණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න