ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටී.
ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් ශිරාන් බාසික් විසින් මිලදී ගෙන ඇති බවත්, එම නිවස ඔහුගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරාන් බාසික්ගේ පියාට අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.




