පාසල් පෙළපොත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ සඳහා වන වැඩපිළිවෙළ 2027 වසරේ අයවැයෙන් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ආර්ථික වශයෙන් දැඩි බලපෑමකට ලක්ව එම තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවක රාජ්‍ය පරිපාලනය ඉදිරියට ගෙන යන බවයි. ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්කරගෙන තිබුණද, තවමත් ආර්ථික ස්වාධීනත්වය අත්කරගෙන නොමැති බවද ඔහු පැවසීය.
ආර්ථික ස්වාධීනත්වය අත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම මෙන්ම ජනතාවට ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බවද ඔහු පැවසීය.
පාසල් පෙළපොත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ 2027 වසරේ අයවැයෙන් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.




