හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

කොතලාවල විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් කිරීමට සැලසුම්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොතලාවල විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් කිරීමට සැලසුම්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, ජාතික ආරක්ෂාව සහ සාගර අධ්‍යයන ඇතුළු නව පාඨමාලා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවත්, පර්යේෂණ හා අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න