හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර, ඉන්දීය ආරක්ෂක අමාත්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට නියමිතය.

එමෙන්ම, රාජ්නාත් සිං මහතා අද පස්වරුවේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගී වීමට නියමිත අතර, හෙට නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික කටයුත්තකට ද එක්වීමට නියමිතය.

මේ අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අවබෝධතා ගිවිසුම් තුනක් අද හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න