වරලත් මාධ්‍ය අධ්‍යයන ආයතන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව ඊයේ (08) පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, කථානායකවරයාගේ නිවේදන යටතේ මෙම දැනුම්දීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය අධ්‍යයන ආයතනය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ අර්ථකථනය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙන ලදී.
එහිදී කථානායකවරයා සඳහන් කළේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින්, එය තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කරන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනයේ සඳහන් වන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.




