හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

පොලිස් උසස්වීම් අභියෝග කළ පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරන ලද උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
පොලිස් උසස්වීම් අභියෝග කළ පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරන ලද උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

2019, 2020, 2021 සහ 2023 යන වසරවල එවකට පොලිස්පතිවරුන් ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ පාලන සමයන්හි සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක්කර තිබිණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් සිදුකරන ලද උසස්වීම් මෙලෙස අභියෝගයට ලක්කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ උසස්වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත්කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත්, ඒ අනුව පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න