රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂට ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර වෙත ලිපියක් යොමු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
එම ලිපිය හෙට දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කර තිබේ.
නාමල් රාජපක්ෂ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියද, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට නීතිමය බාධාවක් නොමැති බව නීති අංශ පෙන්වා දෙන බව වාර්තා වේ.
ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බවට කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.




