හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
රජයට පාඩුවක් සිදු කිරීම හරහා “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
2014 වසරේ මැයි දින පෙළපාළියට සහභාගී වූ සිය ආධාරකරුවන් සඳහා දිවා ආහාර ලබාදීම වෙනුවෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීලංකන් කේටරින් සමාගම විසින් රුපියල් 320,000ක මුදලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ.




