හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

22 වැනි සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චා…

By Site Administrator1 මිනිත්තු කියවීම
22 වැනි සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ, නිලන්ත සත්සර ගමගේ සහ මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටද බලපෑම් එල්ල වන බවයි.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න