හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

පසුගිය වෙඩි තැබීම් සාක්ෂි මැරීම් – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් තනිකරම සාක්ෂි මැරීම් බව පෙනී යන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයි…

By Site Administrator1 මිනිත්තු කියවීම
පසුගිය වෙඩි තැබීම් සාක්ෂි මැරීම් – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් තනිකරම සාක්ෂි මැරීම් බව පෙනී යන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විතව කළුතර පැවති “අදිටන” හමුවකට ඊයේ (23) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රතු නිවේදන නිකුත් කර තිබූ මහා පරිමාණ අපරාධකරුවන් 58 දෙනෙකු පසුගිය කාලය තුළ විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ඇති බවද ඔහු පැවසීය. එම අපරාධකරුවන් විදේශයන්හි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටි බවත්, ඇතැම් දේශපාලනඥයන් එම රටවලට ගිය අවස්ථාවලදී ඔවුන් සමඟ සබඳතා පවත්වා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.

තම රජය විසින් සිදුකරන ලද මෙහෙයුම්වල සාර්ථකත්වය හේතුවෙන් විපක්ෂයේ පිරිස් මෙලෙස හැසිරෙන බවද ඔහු සඳහන් කළේය.

තවද, රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබූ බවත්, එක් දේශපාලන කණ්ඩායමක් පමණක් නොව කණ්ඩායම් රැසක් බලයෙන් ඉවත් කළ බවත් ඔහු පැවසීය.

විනාශයට පත්ව තිබූ රටක් භාරගෙන මූල්‍ය විනයක් සහිතව රට ඉදිරියට ගෙන යන බවත්, සෑම ක්ෂේත්‍රයකින්ම නිසි පරිදි ආදායම් එකතු කර ආර්ථික තත්ත්වය ඉහළ නංවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මාස 15 තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල ප්‍රගතියක් ලබා ඇති බවත්, ඉහළ ආර්ථික වර්ධනයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවත් ඔහු පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න