හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය

ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ බන්ධනාගාර නොසන්සුන්තාවන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිර…

By Site Administrator2 මිනිත්තු කියවීම
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය

ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ බන්ධනාගාර නොසන්සුන්තාවන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධ ප්‍රගතිය පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළව ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ නිල ප්‍රකාශය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථීර නියෝජිතවරයා විසින් ඉදිරිපත් කරනු ඇත.

පසුගිය වසරේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදී තිබූ නිරීක්ෂණ බලතල 2027 සැප්තැම්බර් දක්වා දීර්ඝ කර ඇති අතර, ඊට අදාළ පූර්ණ වාර්තාව ලබන වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මතු කළ කරුණු බොහොමයකට රජය ප්‍රතිචාර ලබාදී ඇති බවත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ශක්තිමත් කරමින් ජාති හා ආගම් භේදයකින් තොරව කටයුතු කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නියමිත අතර, සැප්තැම්බර් 26 වැනිදා මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මේ අතර, වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්ගේ ධුර කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත බැවින්, නව මහලේකම්වරයා තෝරාගැනීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ වී තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න