හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

දෙල්ගොඩ අනතුරකින් දැරියක ඇතුළු තිදෙනෙක් මරුට

දෙල්ගොඩ, අලුත් නුවර පාරේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 7ක දැරියක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අගෝස්තු 19 වැනිදා සිදුවූ මෙම අනතුරට…

By Site Administrator1 මිනිත්තු කියවීම
දෙල්ගොඩ අනතුරකින් දැරියක ඇතුළු තිදෙනෙක් මරුට

දෙල්ගොඩ, අලුත් නුවර පාරේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 7ක දැරියක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අගෝස්තු 19 වැනිදා සිදුවූ මෙම අනතුරට හේතුව වී ඇත්තේ බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හදිසියේ දකුණට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීම බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු උඩුපිල රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව ත්‍රිරෝද රථයේ රියදුරු, එක් කාන්තාවක සහ අවුරුදු 7ක දැරියක රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක සහ ඇගේ 7 හැවිරිදි දියණිය බව පොලිසිය හඳුනාගෙන තිබේ.

මෝටර් රථයේ ගමන් කළ තවත් කුඩා දැරියක තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න