ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයසට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වී ඇත.
යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම සහ පළපුරුදු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම මෙම සංශෝධනයේ අරමුණු ලෙස සඳහන් වේ.
කෙසේවෙතත්, යෝජිත සංශෝධනය මේ වනවිට දේශපාලන හා නීති ක්ෂේත්‍ර තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා දින 14ක කාලයක් පවතී.
එවැනි පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය දින 3ත් 21ත් අතර කාලය තුළ පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.




