හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

විනිසුරු විශ්‍රාම වයසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන නව පනත් කෙටුම්පතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත ප…

By Site Administrator1 මිනිත්තු කියවීම
විනිසුරු විශ්‍රාම වයසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන නව පනත් කෙටුම්පතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිසක් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයට ස්ථිර විසඳුමක් නොලැබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය පීරිස් පැවසීය.

රටේ සමස්ත නඩු සංඛ්‍යාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින්නේ සියයට එකක පමණ ප්‍රමාණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සහ මහා බ්‍රිතාන්‍යය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර දීර්ඝ කාලීන සබඳතාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ අදාළ තීරණ සියල්ල ගෙන අවසන් වූ පසු මෙවැනි සාකච්ඡා පැවැත්වීමෙන් ඵලක් නොවන බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න