පෙර පැවති ආකාරයට මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ හැකි පරිදි දූෂණ විරෝධී පනතට අදාළව පසුගිය මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය මගින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ සමාජයේ දැඩි අවධානයක් සහ සංවාදයක් ඇතිවිය.
කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ නව සංශෝධනය මගින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට හැකි වන බවයි.
එමෙන්ම, මහජන නියෝජිතයන් නොවන වෙනත් පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට නොහැකි වන බවද අමාත්‍යවරයා පැවසීය.




