හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා පුද්ගල ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 2026.07.23 වන දින දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ…

By Site Administrator1 මිනිත්තු කියවීම
වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා පුද්ගල ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

2026.07.23 වන දින දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව 2026.08.05 වන දින ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම සැකකරු අදාළ අපරාධයේදී යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බව අනාවරණය වී ඇත.

එම සැකකරු සමඟ සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වූ තවත් පුද්ගලයෙකුද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙම අපරාධයට සම්බන්ධද යන්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න