අධිකරණයේ විභාග වන නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඇමෙරිකා අධිකරණයේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබේ.
මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ලබාගෙන ඇමෙරිකා අධිකරණය හරහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ‘දිවයින’ පුවත්පතට සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු කවර රටක සිටියද, ඔහු එම රටේ පුරවැසියකු නම්, ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ රටේ අධිකරණයේ සහාය ලබාගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.




