රාජපක්ෂ පවුල නඩුවල සංකේතයක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින්, එම පවුලේ බොහෝ සාමාජිකයන්ට අධිකරණ හමුවේ නඩු පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.
රාජපක්ෂ පවුලේ දේශපාලන ක්‍රියාකලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ලෝකයේ වෙනත් කිසිදු දේශපාලන පවුලකට මෙවැනි තත්ත්වයක් නොමැති බවයි.
“රාජපක්ෂ කියන්නේ ලෝකයේ තියෙන විශේෂම පවුලක්. නාමල් රාජපක්ෂට නඩු තියෙනවා, එයාගේ තාත්තට නඩු තියෙනවා, අම්මට නඩු තියෙනවා, ලොකු අයියාට, පොඩි මල්ලීට, මාමාට, බාප්පාට, නෑනලාට, මස්සිනාලාට විතරක් නෙවෙයි ආච්චිට පවා නඩු තියෙනවා. මුළු පවුලම නඩුවලින් වටවෙලා ඉන්නේ” යනුවෙන් ඔහු පැවසීය.
තම පවුල දේශපාලනය තුළ මෙවැනි තත්ත්වයකට පත්වීම වැළැක්විය යුතු ආකාරය පිළිබඳ ලෝකයේ පාසල්වල ඉගැන්වීමට පවා මෙම පවුල උදාහරණයක් ලෙස භාවිත කළ හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




