හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

මර්වින් සිල්වාගේ අයථා වත්කම් නඩුව අගෝස්තු 20දා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව ලබන අගෝස්තු 20 වනදා කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.…

By Site Administrator··1 මිනිත්තු කියවීම
මර්වින් සිල්වාගේ අයථා වත්කම් නඩුව අගෝස්තු 20දා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව ලබන අගෝස්තු 20 වනදා කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

මෙම නඩුවට අදාළ විමර්ශනවලදී, හිටපු අමාත්‍යවරයා දේශපාලන බලය භාවිත කරමින් උපයාගත් බවට සැක කෙරෙන වත්කම් රැසක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කාලය තුළ නීත්‍යනුකූල ආදායම්වලින් පැහැදිලි කළ නොහැකි වත්කම් රැස්කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

විමර්ශනවලදී ඔහුගේ බැංකු ගිණුම්, ස්ථාවර තැන්පතු, දේපළ, වාහන සහ අනෙකුත් වත්කම් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ. පෑන් ඒෂියා බැංකුවේ ස්ථාවර තැන්පතු කිහිපයක පමණක් රුපියල් මිලියන ගණනක මුදල් තැන්පත් කර තිබූ බවද හෙළි වී ඇත.

එමෙන්ම, කොළඹ 07 කුරුඳුවත්ත, රාජගිරිය සහ කඩවත ප්‍රදේශවල ඉහළ වටිනාකමකින් යුත් ඉඩම් මිලදී ගැනීම, සුඛෝපභෝගී වාහන කිහිපයක් මිලදී ගැනීම සහ විශාල මුදල් ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී තිබේ.

නඩු විභාගයේදී බැංකු කළමනාකරුවන් ඇතුළු සාක්ෂිකරුවන් විසින් ගිණුම් හා මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න