හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

චීන ජාතිකයාගේ මිලියන 20 කොල්ලය: පස්දෙනාට ඇප

චීන ජාතිකයකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුද…

By Site Administrator··1 මිනිත්තු කියවීම
චීන ජාතිකයාගේ මිලියන 20 කොල්ලය: පස්දෙනාට ඇප

චීන ජාතිකයකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (27) නියෝග කළේය.

සැකකරුවෙකු සඳහා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට විදේශගත වීමේ තහනමක්ද පනවා තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් අනුද ජනදිත් සමරකෝන් බණ්ඩාර, අජිත් ප්‍රියන්ත, දුෂාන් ශ්‍යාමල්, ප්‍රමිල් කුසල් ගුණදාස සහ වං ක්වින් (Wan Quin) නම් චීන ජාතිකයෙකු ද සිටී.

සැකකරුවන් මීට පෙර මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔවුන්ගේ දුරකථන වාර්තා, බැංකු ගිණුම් ගනුදෙනු සහ ක්‍රිප්ටෝ මුදල් ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ කොල්ලයට භාවිත කළ බවට සැක කෙරෙන වාහනය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කර තිබේ.

රුපියල් මිලියන 20ක මුදල සම්බන්ධයෙන් පැමිණිලි කළ චීන ජාතිකයා මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම මුදල ඔහු උපයා ගත් ආකාරය පිළිබඳවද පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න