යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ද අධිකරණයට පැමිණ නොසිටි බව වාර්තා වේ.
ඒ අනුව, මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.




