හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

දරුවන්ගේ මාර්ගගත ආරක්ෂාවට ජාතික වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඩිජිටල් අවකාශයෙන් එල්ල වන අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් ඇතුළත් විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම…

By Site Administrator··1 මිනිත්තු කියවීම
දරුවන්ගේ මාර්ගගත ආරක්ෂාවට ජාතික වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඩිජිටල් අවකාශයෙන් එල්ල වන අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් ඇතුළත් විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ බහු-විෂය ක්‍රියාකාරී කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් තාක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ ආරක්ෂා කරගනිමින් මාර්ගගත හානි අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කෙරිණි.

සමාජ මාධ්‍ය සඳහා වයස් සීමා පැනවීම පමණක් ප්‍රමාණවත් විසඳුමක් නොවන බවත්, එවැනි තහනම් හරහා ඉගෙනුම් අවස්ථා අහිමිවීම, අවදානම් සහිත වෙනත් වේදිකා භාවිතය, සමාජ සබඳතා බිඳවැටීම සහ පෞද්ගලිකත්ව අවදානම් වැනි අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව, ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් හා දරුවන් බලගැන්වීම, මාර්ගගත වේදිකාවල වගවීම වැඩි කිරීම, 'Safety-by-Design' ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ හානිවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම ඇතුළත් 'Smart Mix' උපායමාර්ගයක් නිර්දේශ කර ඇත.

එමෙන්ම, සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා සකස් කළ පාසල් මට්ටමේ මාර්ගෝපදේශ මාලාවක්ද ඉදිරිපත් කළ අතර, අදාළ අනුමැති ලබාගැනීමෙන් අනතුරුව එය දිවයින පුරා පාසල් වෙත බෙදාදීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න