හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

අර්චුනා රාමනාදන් ඉල්ලා අස්වීමේ ඉඟියක්

තවත් සති දෙකක් හෝ තුනක් ඇතුළත තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “මම තවත් වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවේ ස…

By Site Administrator··1 මිනිත්තු කියවීම
අර්චුනා රාමනාදන් ඉල්ලා අස්වීමේ ඉඟියක්

තවත් සති දෙකක් හෝ තුනක් ඇතුළත තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“මම තවත් වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවේ සිටින්නේ නැහැ. මම ඔබට වැඩි කාලයක් කරදර කරන්නේ නැහැ” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී මහජන ගැටලු ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ට තර්ජන එල්ල වූ බවටද ඔහු චෝදනා කළේය.

උතුරු පළාතේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් තමන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සාක්ෂි හා පැමිණිලි ඉදිරිපත් කළද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ ආරම්භ කර නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය.

යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්න සම්බන්ධයෙන්ද නිසි පරීක්ෂණයක් සිදු නොකළ බවත්, ඒ පිළිබඳව හඬ නැගීම හේතුවෙන් තමන්ට තර්ජන සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න