හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය මඟහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) යළි ව…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය මඟහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) යළි වරෙන්තු නිකුත් කළේය.

අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් 09 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ජාලිය වික්‍රමසූරිය රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, පසුව ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න