හදිසි
2026 ඇසළ 17, සිකුරාදා
··
දේශපාලන

යෝෂිත රාජපක්ෂ නඩුව අගෝස්තු 31දා කැඳවයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු…

By Site Administrator··1 මිනිත්තු කියවීම
යෝෂිත රාජපක්ෂ නඩුව අගෝස්තු 31දා කැඳවයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් නියම කරන ලෙසයි.

එහිදී දෙවැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය සහ අධිචෝදනා පත්‍රයට සිදුකිරීමට නියමිත සංශෝධන පිළිබඳව දැනුම් දීමට අපේක්ෂා කරන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න