අධිවේගී මාර්ගවල නව ආසන පටි ආරක්ෂක නීතියට අනුකූල නොවූ පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, බහුතරයක් රියැදුරන් සහ මගීන් නීතියට අනුකූලව කටයුතු කළද, ඇතැම් පුද්ගලයන් තවදුරටත් එම නීතිය උල්ලංඝනය කරන බවයි.
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නව ආරක්ෂක නීතිය සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි.




