22 වැනි සංශෝධනයට විරුද්ධ වුවද, ජාතික ජන බලවේගය (NPP) සමඟ අත්වැල් බැඳගෙන තවදුරටත් පක්ෂය තුළ කටයුතු කරන බව එහි විධායක සභික නීතිඥ ලාල් විජේනායක දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබේ.
කෙසේ වෙතත්, 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගන්නා ක්‍රියාමාර්ග සඳහා තවදුරටත් සහාය දෙන බව ඔහු සඳහන් කර ඇත.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, පක්ෂයෙන් ඉවත් වීමට කිසිදු සූදානමක් නොමැති බවත් ලාල් විජේනායක තහවුරු කර තිබේ.
එමෙන්ම, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා සමඟ එක්වීමට අපේක්ෂා නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.




