හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

පාස්කු නඩුවේ 15කට වසර 200–260ක සිරදඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ වරදකරුවන් කළ විත්තිකරුවන් 15 දෙනෙකුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ ස…

By Site Administrator1 මිනිත්තු කියවීම
පාස්කු නඩුවේ 15කට වසර 200–260ක සිරදඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ වරදකරුවන් කළ විත්තිකරුවන් 15 දෙනෙකුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

අධිකරණය විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් පස් දෙනෙකුට වසර 220 බැගින්ද, සිව් දෙනෙකුට වසර 240 බැගින්ද, එක් විත්තිකරුවෙකුට වසර 260කද සිරදඬුවම් නියම කර ඇත.

එමෙන්ම, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනා සතු සියලු නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වූ අතර, ඔවුන්ට එරෙහිව චෝදනා 23,270ක් පමණ ගොනු කර තිබිණි. නඩු විභාගය අවසානයේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කළ අතර තවත් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

නඩු විභාගය විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්විණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න